හෙට (21) සීතාවක සංචාරක කලාපය ජාත්‍යන්තරව ප්‍රමිතිගත කෙරයි
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සීතාවක තෙත් බිම් උද්‍යානයේදී හෙට (21) පැවැත්වෙන උත්සවයකදී සීතාවක සංචාරක කලාපය තිරසාර සංචාරක කලාපයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මෙම කලාපය ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් පැමිණෙන මෙම විදේශිකයන් කණ්ඩායම යොදා ගනිමින් ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීමට බලාපොරොත්තු වේ.
එදිනට බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ‘සිතාවක ඔඩිසි’ විශේෂ දුම්රිය ගමන් වාරයක් ද සංවිධානය කොට තිබේ.