සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල අලුත් තානායම 100 ක්

0

මෙම වසර ඇතුළතදී සංචාරක ආකර්ෂණය සහිත ස්ථානවල “තානායම” නමින් අලුතින් තානායම් 100ක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපති, දුලිප් විජේසේකර මහතා පවසයි.

සභාපතිවරයා අවධාරණය කරන්නේ සංචාරක මණ්ඩලය හා පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව මෙම තානායම් පවත්වාගෙන යෑමට නියමිත බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ.

ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.එම ආයතනය 2007 වසරේදී ආරම්භ කර තිබේ.

ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපතිවරයා පවසන්නේ තම ආයතනය යටතේ මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත්වලත් රත්නපුර, මාතර, පේරාදෙණිය ඇතුළුව දිවයින පුරා තානායම් 25ක් ක්‍රියාත්මක වන බවයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනය යටතේ පවතින තානායම් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නම් පාරිභෝගිකයාට ගුණාත්මක සේවයක් ලබාදිය යුතු බවයි.

ඒ සඳහා ආයතනය යටතේ පවතින සියළුම තානායම් නිසි පරිදි කළමණාකරණය කරමින් යල් පැන ගිය මානසිකත්වයෙන් මිදී නව සංකල්ප මත පදනම් වෙමින් තානායම් පවත්වාගෙන යා යුතු බවදඅමාත්‍යවරයා සඳහන් කරයි.

ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනයේ සභාපති, දුලිප් විජේසේකර මහතා පවසන්නේ නිසි කළමණාකරණයක් නොමැතිවීම හේතුවෙන් ඉකුත් සමයේදී මෙම ආයතනය විනාශයට යමින් තිබූ බවයි.

එහෙත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යධූරයට ප්‍රසන්න රණතුංග මහතා පත්වීමෙන් පසුව ලංකා රෙස්ට් හවුස් ලිමිටඩ් ආයතනය ලාභ ලබන තත්ත්වයට පත්ව තිබෙන බවද සභාපවතිවරයා පැවසීය. එමෙන්ම තානායම් සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට නව වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *