සංචාරකයන් ලක්ෂ පහක් ගෙන්වන සැලසුම කඩිනම් කරයි

0

ඉදිරියේ දී වාර්ෂිකව සංචාරකයන් මිලියන පහක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ශ්‍රී ලංකාව ප්‍රධාන සංචාරක ගමනාන්තයක් ලෙස ගොඩනැඟීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ කමිටුවේ සාමාජිකයන් ඇතුළු නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකාව සංචාරකයන්ට ආකර්ෂණීය සහ සුව පහසු ගමනාන්තයක් බවට පත් කිරීම සඳහා වන කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන සැලසුම් පිළිබඳ මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට අදාලව සකස් කර තිබෙන සැලසුම් සහ ඒ වෙනුවෙන් පෞද්ගලික අංශයේ භූමිකාව පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් කරුණු විමසීය.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කීවේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියා කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *