ගම්මන්පිලත් පෞද්ගලීකරණයට එකඟතාවය පළ කරයි.

0

මුළුමනින්ම පෞද්ගලීකරණය සදහා විරෝධතාව දැක්වූ මෙරට ජාතිවාදී බලවේගයන් ද මේ වන විට පෞද්ගලීකරණය කිරීම සදහා තම එකගතාවයන් පළ කොට ඇති බව අද පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය විය. ඒ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල තමන් ආණ්ඩුව විසින් ගෙන යන පෞද්ගලීකරණ වැඩිපිළිවෙල සදහා කොන්දේසි 05ක් යටතේ එකගතාවය පළ කරන බව සදහන් කොට ඇත.

පිවිතරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේදී අද ( අප්‍රේල් 04 ) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව සදහන් කොට සිටියේය.

පෞද්ගලිකරණය අතිශයින් ම විනිවිදභාවයකින් සිදු විය යුතු අතර පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතු ය.
පෞද්ගලිකරණයට පෙර ආයතනයේ සැබෑ වටිනාකම පිළිබඳ තක්සේරු වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතු අතර පෞද්ගලිකරණයෙන් පසු සාධාරණව සහ

විනිවිදභාවයෙන් පෞද්ගලිකරණ ක්‍රියාවලිය සිදුවුණු බවට විගණන වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතු ය.

කමිටුවේ අනුමැතියකින් තොරව කිසි ම ආයතනයක් පෞද්ගලිකරණය කිරීමට රජයට නොහැකි විය යුතු ය.

පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරා කන වෙළෙඳපොළක් බිහි වීම වළක්වන්න සැබෑ නියාමනයක් තිබිය යුතු ය.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතු ය.
පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැළැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකළ යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරගකාරි වෙළෙඳපළකට අවස්ථාව සැලසිය යුතු ය.
උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජ්‍ය සතුව තබා ගත යුතු ය.

“දැනටමත් පෞද්ගලිකරණයට තෝරා ගෙන තිබෙන ආයතන සඳහා විකුණන්නේ කාටදැයි කියන එකත් කලින් ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා. පෞද්ගලිකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපළ තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යළි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊලඟ පරම්පරාවට ත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.” යැයි සදහන් කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *