ජන­ප­තිගේ සංක­ල්ප­යක් අනුව රණ­වි­රු­වන්ගේ පදිං­චි­යට දී ඇති රජයේ ඉඩ­ම්ව­ලට කොන්දේසි විර­හිත සින්න­ක්කර ඔප්පු

ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව රණ­වි­රු­වන්ගේ පදිං­චි­යට දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විර­හිත සින්න­ක්කර ඔප්පු පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හ­නක් ක්‍රියා­ත්මක කර තිබේ.

එමගින් මෙරට ස්වෛරී­භා­වය රැක­ගැ­නීම වෙනු­වෙන් සිය ජීවිත කැප කළ, සක්‍රීය ක්‍රියා­න්වි­තයේ රාජ­කාරි කළ ත්‍රිවිධ හමු­දාවේ, ශ්‍රී ලංකා පොලිසියේ හා සිවිල් ආර­ක්ෂක බළ­කායේ දිවි පිදූ හා ආබා­ධිත වූ රණ­වි­රු­වන් හා ඔවුන්ගේ යැපෙ­න්නන් වෙනු­වෙන් පදිං­චිය සඳහා දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විර­හි­තව හා ගාස්තු අය කිරී­ම­කින් තොරව සින්න­ක්කර අයි­තිය දීම මෙහිදී සිදු කෙරේ.

 ජනා­ධි­පති කාර්යා­ලයේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­ත්මක වන  මේ වැඩ­ස­ට­හනේ අර­මු­ණ මෙරට සෑම බිම් අඟ­ල­කම සියලු දෙනාට බිය­කින්, සැක­ය­කින් තොරව යෑමට ඉඩ ප්‍රස්තාව උදා කර දීම වෙනු­වෙන් සිය ජීවි­තය කැප කළ විරෝ­දාර රණ­වි­රු­වන්ට මවු­බිමේ බිම් කැබැ­ල්ලක අයි­තිය තහ­වුරු කර දීම වේ.

ජනා­ධි­ප­ති­ව­රයා විසින් අංක PS/CM/APL/267/2024 හා 2024-05-13 දිනැ­තිව රණ­වි­රු­වන්ගේ පදිං­චිය සඳහා ලබා දී ඇති රජයේ ඉඩම් සඳහා පූර්ණ සහන ලබා­දීම සඳහා ඉදි­රි­පත් කරන ලද අමාත්‍ය මණ්ඩල සන්දේ­ශ­යට ලද අංක අමප/24/0898/601/058 හා 2024/05/23 දිනැති අමාත්‍ය මණ්ඩල තීර­ණය අනුව රණ­වි­රු­වන්ට පහත සඳ­හන් සහන හිමිව ඇත.

  • විධි­මත් තෝරා­ගැ­නීමේ ක්‍රම­වේ­ද­ය­කින් සුදු­සු­කම් ලබා ඇතත් මෙතෙක් සංව­ර්ධ­නය කර ගැනී­මට අපො­හො­සත් වූ සියලු රණ­විරු කාණ්ඩ සඳහා රුපි­යල් 100ක නාම මාත්‍ර බදු මුද­ලක් යටතේ විශේෂ බද්දක් දීම,
  • බදු ගත් ඉඩම් සංව­ර්ධ­නය සඳහා මුල්‍ය පහ­සු­කම් සල­සා­ගැ­නීම සඳහා පහසු වන පරිදි විශේෂ බදු­ක­රයේ කොන්දේසි ලිහිල් කිරිම,
  • සංව­ර්ධ­නය කර­මින්/ සංව­ර්ධ­නය කර ඇති ඉඩම් සඳහා නොමිලේ නිද­හස් දීමනා පත්‍ර දීම,
  • මධ්‍යම පාන්තික ගැනුම් මිල කාණ්ඩය යටතේ සුදු­සු­කම් ලබා ඇති නේවා­සික පද­න­මින් සංව­ර්ධ­නය කර ඇති ඉඩම් සඳහා නිද­හස් දීමනා පත්‍ර ලබා­දීම,
  • කොන්දේසි සහිත විශේෂ දීමනා පත්‍ර ප්‍රති­පා­දන ප්‍රකා­රව පෘෂ්ඨාං­ක­නය කිරීම හා කොන්දේසි ඉවත් කිරීම විධි­මත් ලෙස ලියා­ප­දිංචි කිරීම,
  • මැනුම් නියෝ­ග­ව­ලට අදාළ පිඹු­රු­පත් හා රේඛා චිත්‍ර ලබා ගැනීම මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව වෙත ගෙවිය යුතු මැනුම් ගාස්තු­ව­ලින් නිද­හස් කිරීම.

යනාදිය ඊට ඇතු­ළත් වේ.