පොලිස්පතිගෙන් පාතාලයේ පෝස්ටර් වලට පිළිතුරක්

ශ්‍රී ලංකාවේපාතාලය හතරෙන් තුනක් අවසන් කර ඇතැයි ද ඉතිරි පිරිස සම්බන්ධයෙන් ද ළගදීම දැඩි පියවර ගන්නා බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

 දැන්වීම් ප්‍රදර්ශනය කරමින් තමුන් පාතාලය ලෙස සදහන් කරන අයට නිසි දඩුවම් ලබා දෙන බව ද මෙවැනි ක්‍රියාවන් හමුවේ පොලිසිය නොසැලෙන බව ද කී පොලිස්පතිවරයා පොලිසිය තවම දැඩි තීරණ ගැනීමට යොමුවී නැති බවත් පැවසීය.

ඊට අවශ්‍ය වුවහොත් දැඩි පියවර ගැනීමට පොලීසිය පසුබට නොවන බව ද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.