සජිත් සහය දුනහොත් යළි එජාප සාමාජිකත්වය

සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න සහය දඅනහොත්  ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත ලබාදෙන බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී (14)පැවසීය.

මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන බව පැවසු ජනාධිපතිවරයා දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසන බවත් සජබෙ  සමඟ  එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බව සඳහන් කරන ලදි

එනමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව පැවසු ජනාධිපතිවරයා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන “එක්ව ජයගමු”මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් සඳහන් කළේය.‍

ෙමහනුවර පොදු වෙළෙඳපොළ  සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම ජනරැළිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරන ලදි.