ගාල්ලේ මහින්ද විදුහලින් රටට බුද්ධිමත් පිරිසක් දායාද කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසයි

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් සංවර්ධනය කිරීමේදී අධ්‍යාපනය ඉතා වැදගත් බවත්, එම අධ්‍යාපනයේ ප්‍රධානම කොටස ගුරු වෘත්තිය බැවින් ගුරුවරුන් ද මෙම තත්ත්වය ගැන සිතා බලා අනාගත පරපුර විනාශ නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරන ලදි.

අතීතයේ තිබුණු අධ්‍යාපන ක්‍රමයට වඩා වරතමාන අධ්‍යාපන ක්‍රමය වෙනස් බවත්, අද අලුත් ඉලක්කයකට අධ්‍යාපන ක්‍රමය ගෙන යා යුතුව තිබෙන බවත් අබේවර්ධන මහතා පැවැසීය.

මෙම අදහස් වජිර අබේවර්ධන මහතා පළ කළේ ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද ‘Navigator Higher Education and Career Expo’ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.