වැඩසිටි කන්දට යුද හමුදා ආරක්‍ෂාව තිබේ – යුද හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ

කතරගම වැඩසිටි කන්ද පුජා ස්ථානයට, ශ්‍රී ලංකා යුද හමුදාවේ ස්ථීරව අනුයුක්ත කර ඇති සෙබළුන්ට අමතරව, 6 වැනිදා උදේ 8.00 සිට පූජා භූමියේ ආරක්‍ෂාවට අමතර හමුදා සෙබළුන් ද යොදවා ඇතිබව, යුද හමුදාවේ අධ්‍යක්‍ෂ ජනරාල්, (මාධ්‍ය හා මනෝ විද්‍යාත්මක මෙහෙයුම්) මේජර් ජෙනරාල් රසික කුමාර ප්‍රකාශ කරයි.