සරසවි ආචාර්යවරුන්ගේ බදු ගැටලුවට දෙන විසඳුම ඇමති කියයි

0

සරසවි ආචාර්යවරුන්ගේ බදු ප්‍රශ්නය විසඳීම සඳහා නීතිපතිවරයාගේ මතය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට  දැනටමත්  යවා ඇති හෙයින් එම නිලධාරීන් අදාල වාර්තා සකස් කර මහා භාණ්ඩාගාරයට යවා සුදුසු  කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  අද (5)  පැවසීය.

මේ ගැටළුව සම්බන්ධයෙන් තමාගේ පාර්ශවයෙන් කළ යුතු සියල්ල කර ඇතැයි  සරසවි ආචාර්යවරුන්ගේ සංගමය  හොඳාකාරවම දන්නා බවද අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද සඳහන් කළේය.

අධ්‍යයන දීමනා පරීක්ෂණ දීමනා  සියල්ල එකතු වුණාම  වෘත්තිකයන් සියලු දෙනාද බදු අය කිරීමේ   සියයට 36  කොටසට ඇතුළු වුණා. මේ බදු අය කෙරුණේ ඒ අනුවයි. ඒ කොටසට  මැති ඇමති අපිත්  ඇතුළු වුණා. 

සරසවි ඇදුරන්ගේ සමහර ප්‍රශ්න අපි විසඳා ගත්තා. නීතිපති දෙපාර්තමේන්තුවේ  මතය ආදායම් බදු දෙපාර්තමේන්තුවට දැන් යවලා තියෙනවා. මගෙන් කරන්න ඕන කටයුතු කළා . ආචාර්ය වරුන්ගේ සංගමය ඒක දන්නවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊට පස්සේ මුදල් අමාත්‍යංශයට අදාළ වාර්තා  යවලා ඒ නිර්දේශය ගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *