නිදහසින් පසු කාගේත් වැරදි රනිල් නිවැරදි කරමින් සිටින බව වජිර කියයි

නිදහසින් අනතුරුව සියලුම නායකයන් කළ වැරදි රනිල් වික්‍රමසිංහ විසින් නිහඬව බාරගෙන නිවැරදි කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය.

දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව හිඟමනට පත්ව සිටි අවස්ථාවක රට බාරගෙන ඔවුන් හිඟමනින් මුදාගත් නායකයා තරම් පින් කරගත් නායකයෙක් තවත් නැතැයිද අබේවර්ධන මහතා සඳහන් කළේය.

‘‘රටට ජාතියට නායකත්වයක් දුන් ජනාධිපතිවරයා අද මෙහි පැමිණ සිටිනවා. සියලු දෙනාම මගහැර යන විට රනිල් රට බාර ගත්තා. හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මෙවැනි පින්කමක් කර තිබේ යැයි මා සිතන්නේ නැහැ.“ යැයි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කරන ලදි.