වරාය නගරයට ගැසට්ටුවක්

කොළඹ වරාය නගරයේ රෙගුලාසි ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

මෙම රෙගුලාසි හඳුන්වාදී ඇත්තේ එහි ආයෝජන අවස්ථා විධිමත් කිරීමේ අරමුණින් යුතුවය.

එම අති විශේෂ ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කෙරුණු රෙගුලාසිවලට අනුව ආයෝජකයන්ට බදු සහන ලබා දීමට නියමිතය.

මේ අනුව එම  ව්‍යාපෘතිය  තුළ රුපියල්වලින් ගනුදෙනු  කිරීමේ හැකියාවද පවතින බව වාර්තාවේ.

මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට අදාළ නියෝග ඇතුළත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

ඛනිජ තෙල් ආනයනය හා අපනයනය, මෙරට තුළ අලෙවි කිරීම හෝ බෙදා හැරීම සඳහා අයදුම්කරුවකු  ඉදිරිපත් වන්නේ නම්  සමාගම් පනත යටතේ ලියාපදිංචි ආයතනයක් විය යුතු බව එම නිවේදනයේ දැක්වෙයි.