ජල ආපදා සහන පිණිස නාවික හමුදාව සීරුවෙන්

0

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීමට සහන කණ්ඩායම් සීරුවෙන් පසු වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කරයි. ඒ අනුව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ආපදා සහන කණ්ඩායම් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබෙන බවත්, හදිසි ගංවතුර තත්ත්වයකදී ජනතාවට සහන සැලසීමට සහ ඔවුන් එම ආපදාවෙන් මුදාගැනීමට දකුණු නාවික විධානය මඟින් ගාල්ල, අකුරැස්ස, අතුරලිය සහ තවලම යන ප්‍රදේශ වෙත සහන කණ්ඩායම බැගින් හා කඹුරුපිටිය ප්‍රදේශය වෙත සහන කණ්ඩායම් දෙකක් යොමු කර ඇත.

මේ අතර ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට අවශ්‍ය සහන සැලසීමට අවශ්‍යතාව මත ස්ථානගත කිරීමට අමතර නාවික හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් සූදානමින් තබා ඇති බවද නාවික හමුදාව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *