භූ කම්පනවලින් බස්නාහිර උස් ගොඩනැගිලි අවදානමක

0

ගිණිකොණ දිග කළාපයේ වන භූ කම්පනවලින් බස්නාහිර පළාතේ උස් ගොඩනැගිලිවලට කිසියම් බලපෑම් කළහැකි නිසා මෙරට නව සහ පැරණි උස් ගොඩනැගිලි වර්ගීකරණයක් කළ යුතු බව පේරාදේණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසීය.  

මුහුදු කළාපයේ වාර්තා වූ කම්පනය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැනී තිබූ නිසා විශේෂයෙන් කොළඹ ඇතුළු බස්නාහිර පළාතට මෙම කම්පනය දැනී තිබූ බවත් භූ විද්‍යාත්මක තත්වයන්ට ගැළපෙන ආකාරයට මෙම ගොඩනැගිලි නිර්මාණ කර තියේද යන්න සහ භූ කම්පනවලට ගැලපෙන විදියට නිර්මාණය කර තිබේද යන්න වර්ගීකරණයකින් හදුනාගත යුතු බවත් ඒ මහතා කීය.

ගොඩනැගිලිවල පාදම් නිසි ආකාරයෙන් නිර්මාණය කර තිබේද යන්න තුළින් අනතුරුදායක ගොඩනැගිලි හදුනාගනෙ එයට පිළියම් යෙදිය හැකි බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *