වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අද සහ හෙටත්

0

වන ජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද වන ජීවී ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය සහ වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ (04 දා) සිට හෙට (06දා) දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

මෙහි සමාරම්භක උළෙල සහ සම්මාන ප්‍රදානය ඊයේ පස්වරු 04 ට පැවැත්වීමට නියමිතව තිබිණි. ඡායාරූප ප්‍රදර්ශනය එදිනම සවස 06 ට ආරම්භ වීමට නියමිතව තිබිණි. අද සහ හෙට යන දෙදින (05, 06) පෙරවරු 10 සිට රාත්‍රි 10 දක්වා එය පැවැත්වෙන බව වන ජීවී අධ්‍යක්ෂ ජනරාල් කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *