අස්වැසුම අලුතින් ලක්‍ෂ 4 1/2ක් ඉල්ලති

අස්වැසුම වැඩසටහනේ දෙවැනි අදියර යටතේ තවත් අයැදුම්පත් 450,924ක් ලැබී ඇති ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම මස 15 දා සිට 30 දා දක්වා ඉන් සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සංගණනය සිදුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක අස්වැසුම වැඩසටහන සඳහා පළමු අදියරේ දී සුදුසුකම් ලැබූ ලක්ෂ 18කට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවෙයි.