අස්වැසුම ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට පියවර ගත්තා – ජනපති

0

නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ තුන් ගුණයකින් වැඩි කිරීමට රජය පියවර ගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා.

කොළඹ විශ්වවිද්‍යාලයීය ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සදහන් කළා.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදය එක් අයවැයකින් විසඳීමට හෝ නොසළකා හැරීමට ද නොහැකි බැවින් එම තත්ත්වයට මුහුණදීමට රට සූදානම් කළ යුතු බවත් රජය මේ මොහොතේ ඉටුකරමින් සිටින්නේ එම කර්තව්‍ය බවත් අයවැය 2024 විද්වත් කතිකාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *