ආනයනික බිත්තර වෙළෙඳපොළට – බිත්තර මිල අඩුවෙයි

0

ආනයනික බිත්තර මිලියන 10ක් අද (18) වෙළෙඳපොළට නිකුත් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව (SLSTC) පියවර ගෙන තිබෙනවා.

අද සිට සියලුම සතොස අලෙවිසැල් සදහා මෙම බිත්තර තොග බෙදා හැරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා රාජ්‍ය වෙළඳ සංස්ථාව පවසන්නේ.

මෙම උත්සව සමයේදී පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවයන් වළක්වාලීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර තිබුණා.

ඒ අනුව රුපියල් 35ක මිලකට සතොස අලෙවිසැල් හරහා පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව බිත්තර මිලදී ගත හැකි අතර උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි තවත් බිත්තර මිලියන 15ක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *