කැලණිය සරසවි සිසුන් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි

කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 400 දෙනෙකුට ආසන්න පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල වට කරමින් මේ වන විට විරෝධතාවක නිරත වන බව වාර්තා වනවා.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ (29) රාත්‍රියේ සිට ඔවුන් විරෝධතාවක නිරත වූ අතර එය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කරනු ලැබුවා.

මෙම සිසු විරෝධතාව හේතුවෙන් කොළඹ – නුවර මාර්ගය කැලණිය විශ්ව විද්‍යාලය අසලින් අවහිර වී තිබෙන බවයි වාර්තා වන්නේ.