ජපාන මුදල් ඇමති දිවයිනට 

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා දෙදින නිල සංචාරයක් සදහා අද(11) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ජපාන මුදල් අමාත්‍යවරයාව ගුවන් තොටුපලේ දී පිළිගනු ලැබීය.

මෙම සංචාරයේදී ජපාන මුදල් අමාත්‍යවරයා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි යන මහත්වරුන් හමු වී නිල සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරනවා.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඇතුළු දූත පිරිස ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ පාර්ලිමේන්තුව, ජයවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කොළඹ තටාකාංගනය සහ මහරගම පිහිටි ලංකා නිපොන් බිස්ටෙක් ආයතනය වෙත යෑමටද නියමිතයි.