බොරු පතුරවන්න එපා..! දළදා පෙරහැර වෙනුවෙන් සෑම වසරකම විදුලි ඇස්තමේන්තුවක් ලැබෙනවා..!

0

අනුරාධපුර පූජා නගරය තුළ විශාල වශයෙන් ආගමික ස්ථාන ඉදිකිරීම සමබන්ධව අනුරාධපුර පූජා නගර සැලසුම් කමිටු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අවධානයට යොමුවිය. පූජා නගර සීමාව තුළ හා ඉන් පිටත ආසන්න ප්‍රදේශවල නව ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් ඉදිකිරීම ගැටළුවක් බවත් , සිදු කිරීම විශාල ගැටළුවක් බවත් පාලනයකින් තොරව මෙම කාර්යය සිදු වන බවත් කටමිටුවේ දී සාකච්ඡාවට ලක්කෙරිණි.

ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති රැස්වීමේදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමුවිය.

එමෙන්ම පූජා නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සිදු කෙරෙන කටයුතුවල වර්තමාන තත්ත්වය පිළිබඳව ද කමිටුවේ දී සාකච්ජාවට ගැණිනි.

පූජා නගරය තුළ අනුමැතියකින් තොරව සිදු කරන ඉදිකිරීම්, මාර්ගය දෙපස වෙළඳාම් කටයුතු සිදු කිරීම, ජූජා නගරයට නොගැලපෙන නාම පුවරු , වෙළඳසැල්වල නාම පුවරු පිළිබඳ නියාමනයක් අවශ්‍ය බව කමිටුවේ දී සාකච්ජා විණි.

එම නිසා මෙවැනි ක්‍රියාකාරකම් පාලනය කිරිම සදහා අනුරාධපුර පූජා භුමිය කඩිනමින් ගැසට් කිරීම අවශ්‍යතාවය සියලු පාර්ශවයන් විසින් පෙන්වා දුන් අතර ඒ සදහා ඉදිරි කටයුතු කඩිනමින් සිදුකරන බව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි හේවගේ මහතා සදහා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *