වගකීමෙන් ක්‍රියාකරන්න – ජනපති දේශපාලන නායකයන්ගෙන් ඉල්ලයි

0

සියලු දේශපාලන නායකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේදී වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටිනවා.

ඊයේ (18) මහනුවර මහ නගර සභාවේ කරළිය සම්මේලනය සහ රංග කලා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එම වැඩසටහන ප්‍රතික්ෂේප කරන සියලුදෙනා රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමට හැකි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කළ යුතු බවත්, වගකීම් භාර නොගෙන ජනතා සිත් සතුටු කිරීමට පමණක් ප්‍රකාශ නිකුත් කරන දේශපාලනය රට නැවත ආර්ථික අගාධයට ඇද දමනු ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

කෙතරම් දෝෂාරෝපණයට ලක් වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන තමා ආරම්භ කළේ රටේ ආර්ථිකය බේරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති නිසා බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *