විදෙස් සංචිත ඩොලර් බිලියන 5 දක්වා ඉහළට

0

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉකුත් මාර්තු මස අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම මෙසේ විදේශ සංචිත වර්ධනය වීමට ප්‍රධාන හේතුව බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

චීන මහජන බැංකුවෙන් ලද ඇමරිකානු ඩොලර් බිලියන 1.5කට සමාන විදේශ විනිමය හුවමාරු පහසුවක් ද මෙම සංචිතයට ඇතුළත් වේ. මෙම විදේශ සංචිත මගින් ආවරණය කළ හැකි මුළු ආනයන ප්‍රමාණය 2023 දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩව ආනයනික මාස තුනක සීමාවට ඉහළින් තිබුණු බවද එම මහ බැංකු වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *