ඉන්දු – ලංකා මගී නැව් සේවය 13දා සිට යළිත්

0

ඉන්දු – ලංකා මගී යාත්‍රා නෞකා සේවය මැයි 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ (2023) නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ කෙරුණි. කෙසේ වෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. එසේ අත්හිටුවනු ලැබූ මෙම මගී යාත්‍රා සේවය නැවත මැයි 13 වැනි දින සිට ආරම්භ කිරීමට නියමිත අතර මේ සඳහා අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ද ආරම්භ කර ඇත.

එක් ගමන් වාරයක් සඳහා ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 50ක් වන අතර සියලු මගීන්ට කිලෝ 60ක බරකින් යුත් ගමන් මලු ගාස්තුවකින් තොරව ගෙන යෑමට හැකියාවක් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *