‘‘රට වෙනුවෙන් පුද්ගලවාදය සහ පක්ෂවාදය පසෙක තබා එක් වී ඉදිරියට යමු ‘‘යැයි‘එක්ව ජය ගමු – අපි මාතර’ ජනහමුව අමතමින් ජනපති පවසයි
විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබූ ‘එක්ව ජය ගමු – අපි මාතර’ ජන හමුවට පක්ෂ භේදයකින් තොරව මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතිවිශාල පිරිසක් එක්විය.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
“මට භාර දුන් ටයිටැනික් නැව මා දැන් වරායට ගෙනැවිත් තිබෙනවා. අයිස් කන්දට බිය වී හිටපු කපිතාන්වරුන් සියලු දෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙනවාද, නැති නම් අප වරායට ගමන් කරනවාද කියා තීරණය කිරීමට සිදු වුණා. දැන් අප වරායට පැමිණ තිබෙනවා. අප දැන් මේ නැවට මොකද කරන්නේ? අප නැව ඉදිරි වසර 50ට 100ට සරිලන ලෙස අලුතින් සකස් කරනවාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපිතාන්වරයකුට භාර දෙනවාද කියා තීරණය කළ යුතු“ බවත් වැඩිදුරටත් සඳහන් කරන ලදි.