විජයදාස ශ්‍රීලනිප වැ.බ. සභාපති කළේ මෛත්‍රීට නඩුවලින් බේරෙන්නයි – පත්වීම නීති විරෝධියි

ඇමැති විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම නීති විරෝධි බවත් ඒ මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ඊයේ (21දා) පැවසීය.