ලෝක බැංකුව අනුමත කළ මුදලින් කොටසක් දෙයි

0

ලෝක බැංකුව විිසින් ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමත කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ණය අධාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් නිදහස් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කරයි.

අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබා දීමට ලෝක බැංකුව අනුමැතිය ලබා දී තිබුණු අතර එම මුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහය වීමට වෙන් කර තිබිණි. එම අයවැය සහාය වශයෙන් වෙන්කළ මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදලක් මෙලෙස ශ්‍රී ලංකාවට ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *