සෝමාවතියේ අලි ගැටුමක්..! හිමිනමක් අපවත් වෙති…!

0

සෝමාවතිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි හිමිනමක් වන අලි ප්‍රහාරයකින් අද (05) උදෑසන මරුමුවට පත්ව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි. 

මෙසේ සෝමාවතී චෛත්‍යය වැඳපුදා ගෙන අද උදෑසන 04:45 ට පමණ නැවත පැමිණෙන විට දී සුංගාවිල වනජීවී කාර්යාලය අසලදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පරීක්ෂණ සිදුකරන පුලස්තිපුර පොලිසිය ප්‍රකාශකයකු පැවසීය.

දොම්පේ වනවාසී ගිරිතලේ ශ්‍රී මෛත්‍රී නැමැති වයස අවුරුදු හතළිහක් පමණ වන හිමිනමක් මෙසේ අපවත්වී ඇතැයි පුලස්තිපුර පොලිසිය වැඩිදුරටත් සදහන් කරන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පුලස්තිපුර පොලිසිය මගින් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *