2024 අයවැයෙන් රජයේ සේවකයින්ට ලැබෙන සහන.

0

රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩිකිරීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබෙනවා.

2024 සඳහා වන අයවැය ඉදිරිපත් කරමින් ජනධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ එම දීමනාව රුපියල් 17,800 දක්වා ඒ අනුව ඉහළ දැමෙන බවයි.

2024 ජනවාරි සිට මෙම දීමනාව හිමිවන අතර මාසික වැටුපට එකතු කරන්නේ අප්‍රේල් මස සිටයි.

එසේම මෙවර අයවැය හරහා රජයේ සේවකයින්ට ආපදා ණය ලබාදීමද සුපුරුදු පරිදි ආරම්භ කරන බව 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර වැඩිහිටි දීමනාව ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව වැඩිහිටි දීමනාව රුපියල් 3000ක් දක්වා ඉහළ යනු ඇති.

එසේම ආබාධ සහ වකුගඩු රෝගී දීමනාව රුපියල් 5000 සිට 7500ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *