ලංකාව විශේෂිත පොලිස් ඒකක වලට එනවා- ටිරාන් කියයි
2024 එක්සත් ජාතීන්ගේ පොලිස් ප්රධානීන්ගේ සමුළුවේ දි ඉහළ යමින් තිබෙන ආරක්ෂක තර්ජනවලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් විශේෂිත පොලිස් ඒකකවලට දායක වීම සඳහා ශ්රී ලංකාව කැමැත්තෙන් සිටින බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අවධාරණය කරයි.
සමුළුවට එක් වූ ඇමැතිවරයා එහිදී, ප්රචණ්ඩ ගැටුම් වැඩිවීම, ගැටුම් කලාපවල සිටින සිවිල් වැසියන්ගේ දුක්ඛිත තත්ත්වය, සයිබර් අපරාධ සහ ආයුධ සන්නද්ධ තාක්ෂණය වැනි සාම්ප්රදායික නොවන තර්ජන මතුවීම ඇතුළු ගෝලීය ආරක්ෂක අභියෝගවල සංකීර්ණත්වය පිළිබඳව අවධාරණය කර තිබේ.