යාල-කුමන මාර්ග පාද වන්දනාවේ පැමිෙණන බැතිමතුන්ට විවෘත වේ
වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ඊයේ (30) උදෑසන 6.00 සිට කතරගම ඇසළ මංගල්‍යයට උතුරු සහ නැඟෙනහිර සිට පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන්ට කුමන ජාතික වන උද්‍යානය සහ යාල වන උද්‍යානය ඔස්සේ ගමන් අවසරය දෙන ලදී. ප්‍රථම බැතිමතුන් කණ්ඩායමට 2300කට ආසන්න පිරිසක් එක්ව සිටියහ.
මේ අවස්ථාවට නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය ආරක්ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේගුණසේකර මහත්වරු එක් වූහ.