පරිණත විදියට ප‍්‍රැක්ටිස් කරන්න බැරි රටකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය විලංගුවක් – වරුණ රාජපක්ෂ
ඔබ ළඟදි චීනයේ සංචාරයක නිරත වුණා. ඇත්තටම මොකක්ද මේ සංචාරය ?
චීනය විසින් මිත‍්‍ර රටවල් 18ක දේශපාලන පක්ෂ 20ක් සඳහා සිදු කළ ආරාධනයක් අනුව තමයි මගේ මේ සංචාරය සිදුවුණේ. එහිදී ප‍්‍රධාන වශයෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත 2023 Belt and Road Initiative සමුළුවට සමගාමීව පැවැත්වූ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට අවස්ථාව උදාවුණා. ඒ අතර “stories of cpc” වැඩසටහන සහ 2023 belt and road clen energy development forum විශේෂයි. ඊට අමතරව ඔවුන් පැවැත්වූ පළාත් සමුළු කිහිපයක් සඳහා ද සහභාගී වීමට අවස්ථාව හිමිවුණා. ඒවායේ ප‍්‍රධානතම කාරණා බවට පත්වෙලා තිබුනේ කාබන් සීමා කිරීම, විකල්ප බලශක්ති ක්ෂේත‍්‍ර සහ ඒ හා බැඳි ගෝලීය උපායමාර්ග පිළිබඳවයි. ඊට සමගාමීව චීනයේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන වන චයිනා ඬේලි සහ ෂින්හුවා සමඟ ඒකාබද්ධව පැවැත්වුණු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වුවා. ඒ වගේම චීන රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරීන් සමඟ සාකච්ඡා කිහිපයක්ද පැවැත්වුණා.
ඔය කාරණා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය තුළත් මේ වන විට අවධානයක් යොමුව තිබෙනවා සහ සාකච්ඡා පවා සිදුවෙමින් තිබෙනවා. අපි කැමතියි මේවත් එක්ක මේ සංචාරයෙදි ලබා ගත්ත අත්දැකීම් දැනගන්න?
ඇත්තටම කාබන් විමෝචනය සීමා කිරීම, කාබන් සීමා කරන ලද බලශක්තිය යොදා ගැනීම, පරිසර හිතකාමී ආර්ථිකයක් ගොඩනැගීම, ඒ හා සමගාමීව තිරසාර සංවර්ධනයක් ගොඩන`ගා ගැනීම යන්න අද ලංකාවේ පමණක් නොවෙයි, ගෝලීය වශයෙන්ද ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ වැඩි උනන්දුවකින් කටයුතු කරනවා. මම දන්නේ නෑ මේ ගැන වන සංවාදය චීනයේ ආරම්භ වුණේ කවද්ද කියන්න. නමුත් දැන් ගෝලීය වශයෙන් මෙය ආරම්භ වූ පළමු අවස්ථාවේදීම මේකට ඉතාම සංවේදී වෙලා ඊට අදාළ දේශපාලන සංවාදය ආරම්භ කළ නායකයෙක් තමයි වර්තමාන ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා. ඇත්තටම මුලින්ම 2015 දී ඔහු අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආණ්ඩුව තුළ ඉදිරිපත් කළ අයවැය තුළ නීල හරිත ආර්ථිකයක් ගැන සාකච්ඡාව ඉදිරියට ගත්තා. ඒ වගේම ඉන්පසුව 2019 වෙද්දි ලංකාවේ ආර්ථික අර්බුදය නිර්මාණය වන කාලයේ දී ඔහු ඉතාම ගැඹුරින් කාලගුණ විපර්යාස සහ කාබන් නිෂ්ක‍්‍රීය කෙරෙන කරන ආර්ථිකයක් සම්බන්ධයෙන් සහ පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළා.
කොහොම වුනත් දැන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සමුළුව ඒ වගේම, ඉදිරියේදී ජනාධිපතිවරයාද සහභාගී වීමට නියමිත ඊඍෂ (2023 Belt and Road Initiative සමුළුවට) සමුළුවේදි වගේ මේ හැම එකකදීම සාකච්ඡාවට ලක් වෙන ප‍්‍රධානතම විෂය බවට පත් වෙලා තියෙන්නෙ දේශගුණ විපර්යාසවලින් රටවලට සිදුවන බලපෑම සහ, වැඩිපුර කාබන් විමෝචනය කරන රටවල් නිසා අනෙක් රටවලට සිදුවන පීඩාව සහ එම තත්වය සම්බන්ධව ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳවයි.
විශේෂම කාරණය තමයි මේ ප‍්‍රශ්නයට ජනාධිපතිවරයා මැදිහත් වනවිට ඔහු විසින් ඉදිරිපත් කළ යෝජනා කිහිපයක් තිබුණා. ඉන් එකක් තමයි දේශගුණ විපර්යාස අධ්‍යනය කිරීම සඳහා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම. ඊළඟට මේ කාබන් සීමා කිරීම හරහා ආර්ථික සහයෝගීතාවය නිර්මාණය කර ගැනීම. ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය. ප‍්‍රධාන වශයෙන්ම අප වැනි රටවල තිබෙන ආර්ථික මට්ටමත් සමඟ අපිට එකපාරටම කාබන් ශුන්‍ය කිරීමට හැකියාවක් නැහැ. නමුත් ඒ සඳහා අප වැනි ක‍්‍රමානුකූලව පිවිසෙන්නේ කොහොමද? මේ වගේ කරුණු සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු යෝජනා ගණනාවක් තිබුණා. චීන සංචාරයේදී අප අත්දැකපු දෙයක් තමයි, චීනයේ ෂී ජින්පින් ජනාධිපතිවරයා ද ඉදිරිපත් කර තිබූ යෝජනා සැළකීමේදී ඒවා බොහෝවිට සමාන වන බව. විශේෂයෙන් කඳුකර බටහිර ප‍්‍රදේශ චීන ජනාධිපතිවරයා තෝරාගෙන තිබුණා, එම ප‍්‍රදේශය කොහොමද කාබන් නිෂ්ක‍්‍රීය ආර්ථිකයක් වෙනුවෙන් යොදාගන්නේ යන්න සොයා බැලීමට. ඒ වගේම බලශක්තිය ඔවුන්ගේ ආර්ථික ක‍්‍රියාවලියේ දී කොහොමද පරිසර හානිය අවම කරන ආකාරයට යොදාගන්නේ? දේශගුණ විපර්යාස පිළිබඳව විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න සහ පාසල් ආරම්භ කරන්න එහිදී කැපී පෙනෙනවා.
ඒ වගේම දේශගුණ විපර්යාස පිළිබඳ අධ්‍යයනය අධ්‍යාපන ක‍්‍රියාවලියට එකතු කිරීම වැනි කාරණා සම්බන්ධවද අපි චීනයේදී ගැඹුරින් සාකච්ඡා කළා. එහිදී දකින්න ලැබුණු තවත් විශේෂ කාරණයක් තමයි ඔවුන් ඉලක්කගතව මේ කටයුතු සඳහා යොමුව තිබීම. චීනය තමයි ඒ ලෝකයේ වැඩිම කාබන් විමෝචනය කරන රාජ්‍යය. ඔවුන්ගේ කර්මාන්තවල ස්වභාවයත් එක්ක ඔවුන් 2030 වන විට ඔවුන් ලෝකයේ වැඩියෙන්ම කාබන් විමෝචනය කරන රට කියන ලේබලයෙන් ඉවත්වීමට ඉලක්ක කර තිබෙනවා. ඒ වගේම 2060 වන විට කාබන් ශුන්‍ය කිරීමට ඉලක්ක කර තිබෙනවා.
දැන් අපි දන්නවා අපේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා 2048 දී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කරනවා කිව්වා. සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම ගැන කිව්ව ගමන් ඇතැමුන් ඒ දිහා අවඥාවෙන් බැලූවා. නමුත් අපි ඉල්ලක්ක සකස් කළ යුත්තේ
ප‍්‍රායෝගිකව සහ දිගුකාලීනවයි. අවුරුදු තුන හතර වෙනුවෙන් නෙවෙයි. චීනය දැන් අවුරුදු හතළිහක් ඉදිරියට ගිය 2060 දී කාබන් ශුන්‍ය කරන්න ඔවුන් දැන් සැලසුම් පටන් අරගෙන. ඔවුන් ඒ සැලසුම් කරන්නේ ඊළඟ පරම්පරාව වෙනුවෙන්, ඔවුන්ට වාසයට සුදුසු රටක් වෙනුවෙන්. ඇත්තටම ඒක චීනයේ දී අත්විඳි ප‍්‍රධාන කාරණයක්. ඔය චීනය ගැන ලස්සන කතා කියන අය අපේ රටේදී ඉලක්කගත වැඩපිළිවෙලකට යමු කිව්වාම අවඥා කරන්න නරකයි.
කාබන් ශුන්‍ය කරන ඉලක්කයකට චීනය ගමන් කරමින් සිටිනවා වුණත්, අපි දකිනවා අති දැවැන්ත කාර්මික ක‍්‍රියාවලියක් චීනය තුළ සිද්ධ වෙනවා. පහුගිය කාලය ඇතුළේ දැන් කොරෝන ව්‍යසනය වුණත් ආරම්භ වුණේ චීනයෙන්. නමුත් ඔවුන් යළි නැගී හිටියා. ආර්ථිකය ශක්තිමත් කර ගත්තා. මේ තත්ත්වය ඔබ කොහොමද දකින්නේ?
ඇත්තටම මම මීට අවුරුදු පහලොවකට විතර කලින්, 2008දී වගේ චීනයේ සංචාරයකට සම්බන්ධ වුණා. ඒ වෙලාවේ ඔවුන් සාකච්ඡා කරපු අරමුණු ඉලක්කවලින් සාතිශය බහුතරයක් මේ වෙද්දී ඔවුන් සාර්ථක කරගෙන තියෙනවා විතරක් නෙමෙයි, ඔවුන් එම ඉලක්කවලින් එහාට ගොස් තිබෙනවා. මීට අවුරුදු පහළොවකට කලින් ඔවුන් දේශගුණ විපර්යාස ගැන, කාබන් විමෝචනය ගැන සාකච්ඡා කළේ නෑ. මොකද ඒ වෙලාවේ ඔවුන්ට තිබුණු අභියෝගය තමයි, ලෝකයේ වැඩිම ජනගහනය සිටින රාජ්‍යය ලෙස, ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහොමද යන්න. ඒ වෙලාවේ ඔවුන්ගේ ඉලක්කය තිබුණේ දළ ජාතික නිෂ්පාදිතය 8% – 9% ක වර්ධනයකට ගෙනවිත් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම. ඒ සඳහා අවශ්‍ය වූ කාර්මීකරණය ඔවුන් ඉතා වේගයෙන් සිදුකර ගත්තා. ඇත්තටම දැන් ඔවුන් ආර්ථික වශයෙන් සංවර්ධනය වී එක්තරා සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. අපි දන්නවා රටක ඉලක්කය වන්නේ ආර්ථික සංවර්ධනය පමණක්ම නොවෙයි. ආර්ථික සංවර්ධනය හරහා ඒ රටේ ජනතාවගේ ජීවිතය ගොඩන`ගා ගන්න, ජනතාවට සතුටින් ජීවත්වෙන්න පරිසරයක් හදාගන්න එක වගේම පාරිසරික සම්පත් ආරක්ෂා කරගන්න එකත් ඊට අදාලයි. උදාහරණයක් ලෙස දේශගුණ විපර්යාස පිළිබඳව කතා කරද්දි චීන ජනාධිපතිවරයා කියනවා ”අපේ අරමුණ චීන ජනතාව සතුටින් සිටින ජනතාව බවට පත් කිරීම. ජනතාව සතුටින් නැතිනම් කොතරම් දේවල් තිබුණත් වැඩක් නෑ” කියලා. දැන් ඔවුන් මූලික ආර්ථික ඉලක්ක සපුරාගෙන අවසන්. ඒ නිසා දැන් සමාජීය, පාරිසරික ඉලක්ක සපුරා ගැනීමට යොමුව සිටිනවා.
චීනය ඉතා දීර්ඝ කාලයක් සමාජවාදී ක‍්‍රමයක් යටතේ පවත්වාගෙන ගිය රාජ්‍යයක්. හැබැයි මේ මොහොතේදී මේ ආර්ථික අභියෝගයන් ජය ගන්න තරම් ඔවුන් ලොකු වෙනසකට මුල පුරලා තියෙනවා. මේ තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ?
චීනය පවත්වාගෙන යන ආර්ථික මොඩලය සැළකුවහොත් එය මාඕගෙන් පසුව විශේෂයෙන්ම වර්තමාන චීන ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ ඔවුන් එය පවත්වාගෙන යන්නේ නිදහස් වෙළඳපොල ආර්ථිකයක් ලෙසයි. නිදහසේ සිය ආර්ථික ඉලක්ක සපුරා ගන්නට වෙළෙඳපොල බලවේගවලට ඉඩදී තිබෙනවා. රජය විසින් සිදුකරන්නේ යටිතල පහසුකම් සැපයීම සහ නියාමනයට මැදිහත්වීමයි. ඔය ආකාරයට හැසිරෙන ආර්ථිකයක් අපි හඳුන්වන්නේ නව ලිබරල් ආර්ථිකයක් කියලා. එහෙමත් නැත්නම් පොඩි දේශපාලන හැඩයක් එක්ක අපි කියනවා, Social Market Economy කියලා. එතැනදී ජනතා සුභසාධනය ඇතුළු අනිකුත් කාරණා කිහිපයක් වෙනුවෙන් විතරක් රජය මැදිහත්වෙනවා. ඉතින් මට අනුව චීනයේ තියෙන්නේ සංවර්ධිත නිදහස් වෙළෙඳපොළ ආර්ථිකයක්. ඒ ක‍්‍රියාවලිය ඔවුන් සැලසුම් සහගතව සහ ඉතා හොඳින් කරනවා. නමුත් චීනය ඒකට කියන්නේ චීන ලක්ෂණ සහිත සමාජවාදී ආර්ථිකයක් කියලා. ඉතින් මං කියන්නේ ඔය නම් දෙක නම් මොකක් වුණත් ප‍්‍රශ්නයක් නෑ. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔයා මොකද කියන්නේ ඒ සමාජ වාදය ගැන කියලා, මම කියන්නේ, ඒ සමාජවාදය නම්, ”හා” කියලා.
හැබැයි ඉතින් චීනයේ තියෙන්නේ අපි අර සෝවියට් දේශයේ දැකපු, අපි සමාජවාදී පොත්වලින් කියවපු ආර්ථිකය නම් නෙවෙයි. චීනයේ තියෙන්නේ ඇත්තටම අපි කතා කරන සමාජ වෙළඳපොළ නිදහස් ආර්ථිකයක්. ඉතිං ඔය ආර්ථිකය තමයි, ජේ.ආර්. ජයවර්ධන 1978 දී ලංකාවට යෝජනා කරපු ආර්ථික මොඩලය. ඒ ආර්ථික මොඩලය අපිට පස්සේ චීනය පටන් ගත්තේ. අපිට පස්සේ වියට්නාමයත් පටන් ගත්තා. ඒ කියන්නේ අපි තමයි මේ ආසියානු කලාපයේ ඔය සම්බන්ධ පුරෝගාමියා.
දැන් ඉතින් ප‍්‍රශ්නයක් ප‍්‍රශ්නයක් එන්න පුළුවන් චීනයේ මෙච්චර ආර්ථික වර්ධනයක් ලබා ගනිද්දී ඇයි අපිට ඒ වර්ධනය ළ`ගා කර ගන්න බැරි වුණේ කියලා. හැබැයි ඒක ඇත්තටම ඉතා සංකීර්ණ තත්වයක්. අපි පුරෝගාමීව මේක ඉදිරිපත් කළා. සිංගප්පූරුව විශේෂයෙන් චීනය ලංකාවේ නිර්මාණය කරපු නිදහස් වෙළඳ කලාප බලන්න ආවා. ඒ සමඟ එය මොඩලයක් විදිහට ඔවුන්ගේ රටේ ගිහිල්ලා නිර්මාණය කරන්න යෙදුණා.
ඒ කියන්නේ ජනාධිපතිවරයෙකු ලෙස ජයවර්ධන මහතා නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය නිර්මාණය කරන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කළා. හැබැයි අපි ඒ තුළ ඉදිරියට ගමන් කරද්දී අපිට විශාල බලපෑම් එල්ල වුණා. විශේෂයෙන්ම අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන රාජ්‍යයක්. පන්සිල් පද පහෙන් එකක් වගේ, අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන රාජ්‍යයක්. ඒක නරක දෙයක් නෙමෙයි, ඇත්තටම හොඳ දෙයක්. අපි ඇත්ත වශයෙන් ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක්. ඒක තමා අපේ දේශපාලන ප‍්‍රැක්ටිස් එක. ඉතින් ඒ තත්වය විසින් මැතිවරණ, උද්ඝෝෂණ, විරෝධතා සහ මාධ්‍ය මේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ක‍්‍රියාත්මක කරන්න හදපු හැම පියවරකදී ම විරුද්ධ වුණා. චීනය මොඞ්ල් එකක් විදිහට අපෙන් ඉගෙන ගන්නවා කියපු වෙළඳ කලාප අපි පටන් ගනිද්දි විවේචන ආවා. මොකටද අපි මේ සුද්දන්ට ජංගි මහන්නේ කියලා ඇහුවා. මේවා ඉතිහාසයේ වහල් කලාප කියලා කිව්වා. නමුත් මෙවා අද දහස් ගණන් රැකියා කරන ස්ථාන බවට පත්ව තිබෙනවා. කාර්මීකරණයේ දී අත්‍යාවශ්‍ය සාධකයක් තමයි විද්‍යුත් බලය. රට පුරා විදුලි බලය ලබාදෙන්න මහවැලි ව්‍යාපාරය ගොඩනගන කොට ඒකටත් විරෝධතා ආවා. ඊට පස්සේ ඒ ආර්ථික ක‍්‍රියාවලියට අවශ්‍ය කරන පහසුකම් වරාය ගුවන් තොටුපළවල් හදන්න යනකොට එතකොටත් විරෝධතාවයන් ආවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපේ වාම කඳවුරේ වෘත්තීය සමිති කොළඹ වරායේ බඩු භාණ්ඩ ගෝනිවලින් බාන එක නවත්තලා බහාලූම් ලෙස බාන්න හදනකොට ඒකටත් විරුද්ධව උද්ඝෝෂණය කළා. ඊළඟට අපේ ආර්ථික ක‍්‍රියාවලියට විතරක් නෙමෙයි ඊට සමගාමීව සමහර නීති රීති ගෙනෙන විටත් විරුද්ධ වුණා. උදාහරණයක් විදියට සාම්ප‍්‍රදායිකව තිබුණු ඉඩම් අයිතිය වැන්නක් දක්වන්න පුළුවන්. දැන් බි‍්‍රතාන්‍යයෙන් ලංකාවට ඇවිල්ලා ඔවුන්ගේ ආර්ථික මොඩලය ලංකාවේ ක‍්‍රියාත්මක කරද්දී ඔවුන් ඉඩම් නීතිය වෙනස් කළා. හැබැයි අපි නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය සඳහා ඒ පරණ නීති වෙනස් කරන්න යනකොට, ඒකටත් විරුද්ධ වෙනවා. ඒ වගේම අපි නව තත්වයන්ට ගැලපෙන ලෙස අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කර ගන්න අසමත් වුණා. මේ වගේ කාරණා ගණනාවක් නිසා අපිට අර චීනය ක‍්‍රියාත්මක කරපු වේගයෙන් සැලැස්ම සකස් කරලා ඒ සැලැස්ම අඛණ්ඩව සහ වේගවත්ව ක‍්‍රියාත්මක කරගන්න බැරි වුණා.
චීන ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය කියන්නේ හරි ශක්තිමත් මිත‍්‍රත්වයක්. ඔබ හිතන ආකාරයට 2048 සංවර්ධිත රටක් සඳහා වන ජනාධිපතිවරයාගේ ඉලක්කයට චීනයෙන් මොන වගේ සහයක් ගන්න හැකිවෙයිද?
මම හිතන්නේ කාගෙවත් උදව් මත අපේ ආර්ථික ක‍්‍රමය ගොඩනැගෙන්නේ නෑ. එය සිදුවන්නේ අපි කරන දේවල් මතයි. එතකොට මේ ලෝකයේ උදව් කියලා කතාවක් නෑ. මේ ලෝකයේ තියෙන්නේ ඨෂඪෑ ්බා ඔ්ණෑ. ඒ කියන්නේ අපි දෙන්නෙ මොනවද අපි ගන්නේ මොනවද කියන එක. අපි චීනයෙන් ගන්නෙ මොනවද අපි චීනෙට දෙන්නේ මොනවද? චීනය අපි අතර විදේශ වෙළඳාමේ පරතරය සීයයට එකක් වගේ වෙනවා. අපි දාහක් දේවල් චීනයෙන් ආනයනය කරනවා. නමුත් චීනයට අපනයනය කරන්න දෙයක් නෑ. දැන් ඒකට චීනයට බැනලා වැඩක් නෑ. ඒක චීනයේ ප‍්‍රශ්නයක් නෙමෙයි, ඒක අපේ ප‍්‍රශ්නයක්. අපි බලන්න ඕන අපි කොහොමද ඒක කරන්නේ කියලා. අපිට චීනය තරම් කාර්මීකරණය වෙන්න බැරි වෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට ගත්තොත් ජේ.ආර්. ජයවර්ධන මහත්තයා සැලසුම් කරපු ආර්ථික උපාය මාර්ගවලිනුත් දැන් අපිට ඉදිරියට යන්න බැරි වෙයි. එදා ඔහු වෙළඳ කලාප හදලා ඇඟලූම් කර්මාන්තය වගේ කර්මාන්තවලට ඔහු විශාල ප‍්‍රමුඛත්වයක් දුන්නා. අපි එයින් විශාල ධනයක් උත්පාදනය කළා. නමුත් දැන් බංග්ලාදේශයට වියට්නාමයට ගියොත් ඒගොල්ලන්ගෙ සේවකයන්ගේ වැටුප්වල තියෙන තත්වයන් සහ නිෂ්පාදන පිරිවැය සැලකීමේදී අපිට වඩා ඒ රටවල නිෂ්පාදන ලාභයි. අපිට තාමත් තියෙන විශේෂ වාසිය අපේ ශ‍්‍රමයේ තිබෙන නිපුණතාවය පමණයි. හැබැයි ශ‍්‍රමය තියෙන නිපුණතාවය කියන දේ මත විතරක් පදනම් වෙලා මේක අල්ලගෙන යන්න බෑ. එතකොට දැන් අපි අපේ ආර්ථිකය වෙනස් කරගන්න අවශ්‍යයි. දැන් වෙන රටවල් තොරතුරු තාක්ෂණයෙන් විශාල විදේශ විනිමයක් උපයනවා. අපිට තොරතුරු තාක්ෂණයෙන් විශාල විදේශ විනිමයක් උපයන්න අවස්ථාව තිබෙනවා නම්, අපි කොහොමද අපේ අධ්‍යාපන ක‍්‍රමය ඊට සරිලන ආකාරයට වෙනස් කරන්නේ. ඒ වගේම අපි ඒකට ගැලපෙන ශ‍්‍රම බලකායක් නිර්මාණය කළ යුතු වනවා. ඉතින් අපි අපේ පිහිටිම මත පදනම් වෙලා අපි අපේ ගුවන්තොටුපොලවල්වලින් වරායවලින් අපි කොහොමද ඉදිරියට යන්නේ කියලා බලන්න ඕන. ඉතින් මේවා මත තමයි, අපි මොනවද ඉන්දියාවට දෙන්නේ? අපි මොනවාද චීනයට දෙන්නෙ? කියන එක තීරණය වන්නේ. දැන්වත් අපි ලෝකයත් එක්ක වැඩ කරන්න බය, දූපත් මානසිකත්වයෙන් මිදෙන්න ඕන. ඒක කඩාගෙන ගිහිල්ලා අපි ඉන්දියාව, චීනය ඇතුළු මුළු ලෝකයත් එක්කම වැඩ කරමින්, අපි අපේම ක‍්‍රමයකට අපි ආර්ථිකය ගොඩ න`ගා ගන්න ඕන.
මං හිතන්නේ ඒ ක‍්‍රියාවලියේදී චීනයෙන් විතරක් නෙවෙයි, මේ කලාපයේ ප‍්‍රධාන රටවල්වලින් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. චීනය සැළකීමේදී ඔවුන්ට නිර්බාධීවත් සහ අවිච්ýන්නවත් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ක‍්‍රියාත්මක කරන්න පුළුවන් වුණා. කවුරුත් බාධා කළේ නෑ. මේ වාසිය චීනයට ලැබුණේ ඔවුන්ගේ දේශපාලන ක‍්‍රමයත් එක්ක.
ආර්ථිකයේදී අපි කිව්වෙ අපි දෙගොල්ලම යෝජනා කරන්නේ එකම දේ කියල. නමුත් දේශපාලනයේදී අපේ ක‍්‍රමය සහ චීනයේ ක‍්‍රමය වෙනස්. චීනයේ තිබෙන්නේ කොමියුනිස්ට් පක්ෂය මූලික කරගත්ත, තනි පක්ෂ ක‍්‍රමය මූලික කරගත් ක‍්‍රමයක්. එහි රාජ්‍ය ක‍්‍රමය අනුවම පක්ෂ අතර මැතිවරණ මොකුත් නෑ. ඔවුන්ගේ සකස්කරගත් වැඩපිළිවෙල ඉදිරියට ගෙනයනවා.
අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය ඉතා හොඳ වුණත්, අපිට හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක් තියෙනවා, ඉතිහාසයක් තියෙනවා කියලා ලොකුවට කිව්වත්, ඒක ඇතුලේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා. දැන් යුරෝපයේ, ස්කැනේඩියානු රටක එහෙමත් නැත්නම් ඇමරිකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගත්තම, ඒගොල්ලන්ගේ ඡුන්ද තියෙනවා, මැතිවරණ තියෙනවා, විපක්ෂ ඉන්නවා, ආණ්ඩු පක්ෂයේ ඉන්නවා, ආණ්ඩු වෙනස් වෙනවා. නමුත් ආර්ථිකය වගේ ප‍්‍රධාන අංශයක් සතු දීර්ඝ කාලීන සැලැස්ම වෙනස් වෙන්නේ නෑ. උපක‍්‍රම වෙනස් වෙනවා. හැබැයි උපාය මාර්ග වෙනස් වෙන්නේ නෑ.
දැන් අපේ උදාහරණයක් ගමු, අපි දැවැන්ත අර්බුදයකට ගියාට පස්සෙ අපි ඒ අර්බුදයෙන් ගොඩ එන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට යනවා. දැන් විපක්ෂනායකවරයා කියනවා ඔහු බලයට ආවහම ඒ වැඩ පිළිවෙල වෙනස් කරනවා කියලා. ඉතින් ඒ වගේ අර වැලේ වැල් නැතිවෙලා කරන්න දෙයක් නැතිව බොහෝ අමාරුවෙන් වැඩපිළිවෙළක් ගෙන එන්න හදන වෙලාවකත් ඔවුන් ඉන්නේ අපේ ආණ්ඩුවක් ආවම එක වෙනස් කරනවා කියන තැනක. අපි ලෝකයේ පැරණිතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය තියෙන රටක් උනාට අවාසනාවකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් අපේ ප‍්‍රැක්ටිස් එක පරිණත නෑ. හරි අපරිනතයි. හැබැයි අපරිනත ප‍්‍රැක්ටිස් එක නිසා දැවැන්ත බාධාවක් තියෙනවා. හැබැයි චීනය ගත්තම සිස්ටම් එක ඇතුළේ බාධාව නෑ. මොකද එයාලගේ ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නෑනේ. මං කියන්න යන්න නෑ ඒක හරි, අපේ එක වැරදියි කියලා. අපේ ඒක අවුල් වගේ කියලත් මම කියන්න යන්නේ නෑ. ඔවුන් ඔවුන්ගේ ගොඩන`ගාගත්ත ක‍්‍රමය තුළ ඒ ආර්ථික ක‍්‍රමවේදයන් ඔස්සේ රට ගොඩනගා ගෙන යනවා.
එතකොට ඔබ හිතන්නෙ මේ 2048 අභියෝගය ජයගන්න චීන මොඩලයේ මොන වගේ දේවල් අපිට ගන්න පුළුවන් කියලද?
ඇත්තටම අපිට ගොඩක් දෙවල් ගන්න අමාරුයි. මොකද අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදය විශ්වාස කරන රාජ්‍යයක්. අපේ රටට ප‍්‍රැක්ටිස් එකක් තියෙනවා. නමුත් එක කාරණයක් පැහැදිලියිනේ. අපේ ආර්ථික වැඩපිළිවෙළයි චීනය ඉදිරිපත් කරපු ආර්ථික වැඩපිළිවෙළ එක සමානයි. හැබැයි චීනය අපිට වඩා කෙටි කාලයකින් විශාල වර්ධනයක් ලබාගෙන යනවා. මෙය රටවල දෙකේ අපේ තියෙන ප‍්‍රධාන එකම වෙනස ප‍්‍රජාතන්ත‍්‍රවාදය කිය එක කියලා කියලා මම කියන්නේ නෑ. නමුත් ප‍්‍රධාන වෙනසක් තමයි චීනයේ දී නිර්බාධිව හා අවිච්ýන්නව වැඩ කරගෙන යන්න තිබුණු හැකියාව. චීනය තුළ උද්ඝෝෂණ නෑ. වර්ජනය කරන්න වෘත්තිය සමිති නෑ. වැඩවර්ජන නෑ. අනිත් අතට අපි චීන ආයතනයකට ගියොත් එතන තියෙනවා ඔවුන්ගේ ආණ්ඩු පක්ෂයෙන් හදපු සේවක සංගමය. හැබැයි ඒ සේවක සංගමය කියන්නේ, අපිට අරක දියව්, මේක දියව් කියලා සටන් කරන එකක් නෙමෙයි. ඒගොල්ලො මැදිහත් වෙන්නේ, අපි කොහොමද කර්මාන්තශාලාවේ එහෙම නැත්නම් සමාගමේ, නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්නේ, එහි ඉලක්ක සපුරා ගන්න අපි උදව් කරන්නේ කොහොමද, වගේ කාරනා වෙනුවෙනුයි. ඒ ඉලක්ක, අරමුණු සඵල කරගත්තොත් තමයි සේවකයාටත් අමතර යමක් ලබාගන්න හැකියාව තියෙන්නේ කියන විශ්වාසය ඔවුන් සතුයි.
අයිතිවාසිකම් දිනා ගන්න කලින් තමන්ගෙන් වෙන්න ඕන යුතුකම ගැන දැනුවත් කිරීමක් තමයි ඔවුන් අතින් වෙන්නේ. ඒ සඳහා මැදිහත්වීමක් සහයෝගය දීමක් එතන හොඳටම තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් මැතිවරණ ක‍්‍රියාවලිය ගත්තොත්, ඒක එහෙම නෑ. ආණ්ඩු වෙනස් වෙන්නෑ. ඒ නිසා අඛණ්ඩව අවුරුදු විස්සට තිහට 20ට 30ට 40ට සැලසුම් කරන්න පුළුවන්. වර්තමාන චීන ජනාධිපතිවරයා කියනවා 2060 වන තුරු සැලසුම් තියෙනවා කියලා. දැන් ඒකට කවුරුත් ලංකාවේ වගේ හිනා වෙන්නේ නෑ. කවුරුත් අහන්නේ නෑ ෂී ජිංපිං එච්චර කල් ඉන්නවද? මොකද ඒගොල්ලෝ දන්නවා මොකද වෙන්නේ කියලා. එහි ආණ්ඩු වෙනසක් වෙන්නේ නෑ. බරපතළ වැරැද්දක් වුණොත් විතරයි වෙනස් කරන්න වෙන්නේ. දැන් ඊට කලින් ක‍්‍රියාත්මක කරපු සමහර හිටපු ජනාධිපතිවරුන්ගේ සැලසුම් වර්තමාන චීන ජනාධිපතිවරයා වෙනස් කළා. ඔවුන් විශ්ලේෂණයක් කරලා වෙනස් කරනවා. දූෂණ සම්බන්ධයෙන්, නිලධාරීන් සම්බන්ධයෙන් ලොකු වෙනස්කම් කොටසක් චීනය සිදු කලා. නමුත් ලංකාවේ අපිට එහෙම කරන්න බෑනේ.
හැබැයි ඒ නිසා තමයි අපේ වර්තමාන ජනාධිපතිවරයා යෝජනා කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු ප‍්‍රැක්ටිස් එකකට යමු කියලා. මරි මෝඩ සම්ප‍්‍රදායන් කරේ තියාගෙන කියන කියන දේවල්වලට විරුද්ධවීම වෙනුවට ජාතික වැඩපිළිවෙළක් හදාගෙන, අපි අවුරුදු විසිපහකට තිහකට කොහොමද ලංකාව දියුණු කරන්න පොදු රාමුවක කටයුතු කරමු කියලා. ජාතික එකඟතාවයක් හදාගෙන ඒ එකඟතාවය දිගටම ක‍්‍රියාත්මක කරණවා කියන්නේ කවුරු ආවත් ඒකම තමයි කරන්නේ. හැබැයි අවාසනාවකට කවුරුත් ඒකට මැදිහත් වෙන්නේ නෑ. දැන් ජනාධිපතිවරයා තමන්ගේ සැලසුම් ඉදිරිපත් කරනවා. තමන්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා ක‍්‍රියාත්මක කරනවා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔක්කොම එකතුවෙලා මේ වැඬේ කරන්නෙ නැත්නම්, මේ වැඬේ කරන්න පුළුවන් කෙනෙක් කරගෙන ගියාට කමකුත් නෑ කියලා.
ජේ.ආර්. ජයවර්ධන මහත්තයට හයෙන් පහක බලයක් ආවා. ඔහු ඒ හයෙන් පහේ බලය යොදාගෙන මීට කළින් ලංකාවේ තිබුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ තිබුණු වාමාංශික හැඩය ගත්ත, ලෝකයෙන් හුදකලා වෙච්චි සමාජවාදී ආර්ථිකය කුඩුපට්ටම් කරලා ලංකාව ලෝකෙට විවෘත කරපු දැවැන්ත පරිවර්තනයක් කළා. ඉතිං ඒ වෙනුවෙන් ඉතාමත් වේගයෙන් අධ්‍යාපනය, ආර්ථිකය, සංස්කෘතිය ඇතුළේ ප‍්‍රතිසංස්කරණ කරන්න දේශපාලන බලයක් සහ ඒ සඳහා කාලයක් ද තිබුණා. ඊළඟට අපි ඉතිහාසය දිහා උඩින් පහළින් බලලා අපි කියනවා ඔහු මැතිවරණ සිතියම හැකුළුවා කියලා. නමුත් ඇත්තටම ඔහු ඒක කළේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී විදිහට නෙමෙයි. ඔහු ඒක කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආකෘතියකින්. හැබැයි යම් ප‍්‍රමාණයකට මැතිවරණ ක‍්‍රියාවලිය තුළ සීමාසහිත යම් වෙනස්කම් කරමින්. ඇතැමුන් කියන්න පුළුවන් ඒක යම්කිසි අන්දමක ඒකාධිපති ක‍්‍රියාමාර්ගයක් කියලා. බැරිවෙලාවත් එහෙම නොකර හිටියා නම් ඒ වෙනස්කම් ටික කරන්න බෑ. මොකද සමහර දේවල් බාගෙට කරලා යම් තැනක නවත්තන එක අතිශය භයානකයි. මොකද සිරිමාවෝ බණ්ඩාරනායක පාලනය ගෙනගිය ආර්ථික උපාය මාර්ගවලින් සම්පූර්ණයෙන් ඉවත්වෙනවා හැර, එය භාගයක් සිදුකර නවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.
දැන් බැලූවහම ලංකාවේ ආර්ථික අර්බුදයක් මතු වෙලා තියෙනවා. විශාල ආර්ථික අර්බුදයකට ගිහිල්ලා බංකොලොත් වෙලා විනාශ වෙච්ච රටක් තියෙනවා. දැන් අපි එතන ඉදන් පෙර වැරදි හදාගෙන ගොඩ යන්න හදන්නේ. එතනින් ගොඩනංවන ගමන් මාර්ගය අපි සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. මේ ප‍්‍රතිසංස්කරණ සදහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පළවෙනි ණය වාරිකය ගත්තා. දැන් අපි දෙවැනි වාරිකය ගැනීමට අපේක්ෂාවෙන් පසුවෙනවා. ඒ සඳහා අවශ්‍ය කාරනා අප සපුරමින් සිටිනවා. දැන් ඊලගට බැලූවොත් සියයට 69 තිබුන උද්ධමනය සියයට 1.4ට ගෙනවිත් තියෙනවා. බැංකු පොලී අනුපාතය අඩු කර තියෙනවා. අපිට තව කළ යුතු දේවල් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ජාතික ආදායම වැඩි කරගන්න එක ඇතුළු තව කාරණාවන් ගණනාවක් තියෙනවා.
දැන් මේක කිසියම් හෝ විදිහකට අතර මැද නැවතුනොත් අපි හිටියට වඩා විශාල පල්ලමකට වැටෙන්න ඉඩකඩ තියෙනවා. දැන් එක පැත්තකින් සජිත් පේ‍්‍රමදාස මහත්තයා කියනවා නම් ආණ්ඩුව වෙනස් උනත් මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන අඛණ්ඩව ක‍්‍රියාත්මක කරනවා කියලා, එහෙනම් ප‍්‍රශ්නයක් නෑ. හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව මේක භයානකයි. අපිට චීනෙ වගේ අවුරුදු විස්ස තිහ ආණ්ඩු අවශ්‍ය නෑ. හැබැයි අඩුම ගානේ අවුරුදු පහක් හයක් අපිට එක දිගට ආණ්ඩුවක් තිබුණ නම් මේ අභියෝග ජය ගන්න අමාරු නෑ. මොකද චීන ප‍්‍රශ්න විසඳගෙන තියෙන්නෙ කෝටි තුන්සියයකට වඩා වැඩි ජනගහනයක් එක්ක. හැබැයි අපි විසදගන්න යන්නේ මිලියන 22ක ජනගහනයක ප‍්‍රශ්නයක්. වසර පහක හයක ආණ්ඩුවක් තිබුනොත් අපිට පහසුවෙන්ම මේ ක‍්‍රියාවලිය ඉදිරියට කරගෙන ගිහිල්ලා මේ මිලියන 22 ක ප‍්‍රශ්නයක් විසඳන්න පුළුවන්.
සංවාදය – සජිත් සාරංග සේනාරත්න