ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ගිවිසුම් පහක් අත්සන් කරයි

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට ද අත්සන් තබා ඇත.එම ගිවිසුම් ලෙස දෙරට අතර චිත්‍රපට කර්මාන්තය, මාධ්‍ය සංචාරක, සමූපකාර, පුස්තකාල, සංස්කෘතික, විද්‍යාත්මක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර වල සහයෝගීතාව ආවරණය කෙරෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.