යතුරු නොදීම නිසා ශ්‍රී ල.නි.ප. මූලස්ථානයේ විමර්ශන ඇනහිටී

ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපිගොනු කීපයක් අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම ගොඩනැගිල්ලේ යතුරු මෙතෙක් භාර නොදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වෙන බව මරදාන පොලිසිය කියයි.

මෙම ලිපි ගොනු අතුරුදන්වූ බවට මරදාන පොලිසියට පැමිණිලි කර කලක් ගතවී ඇතත් එහි යතුරු භාර නොදීම නිසා එම විමර්ශන කටයුතු මෙතෙක් ආරම්භ කිරීමට නොහැකි වී තිබේ.

කීප වාරයක්ම ගොඩනැගිල්ලේ යතුරු ඉල්ලා ඇතත් ප්‍රතිචාරයන් ලැබී නැති බව ද පොලිසිය කියයි.