රුපියල ශක්තිමත් වීමේ වාසිය දැන් ජනතාවට ලැබෙමින් පවතිනවා – මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් රටේ ජනතාවට ලැබෙමින් පවතින බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

එය විනිමය අනුපාතය, වෙළෙඳපොළ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන බව අවබෝධ කර ගැනීම වැදගත් බව ද ඒ මහතා පෙන්වා දෙයි.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇතැයි පෙන්වාදෙන ඒ මහතා විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බව ද රුපියල ශක්තිමත් වීම මත ණය ආපසු ගෙවීමේ බර පහත යෑමද මෙහිදී වැදගත් වන බව කියා සිටී.