EPF පොලිය වැඩිවීම යුක්තිය ඉටුවීමක් – ගෙවිඳු කුමාරතුංග

සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 9% සිට 13% දක්වා වැඩි කිරීම යුක්තිය ඉටුවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.මේ හරහා ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට රුපියල් බිලයන 115 ක් එකතුවන බවද කුමාරතුංග මහතා කියයි. පමාවී හෝ ප්‍රතිලාභීන් වෙනුවෙන් යුක්තිය ඉටුවීම ගැන තමා සතුටුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.