ජනපති රනිල් නිසා වතු ජනතාවට ළගදීම ඉඩම් අයිතිය ලැබෙනවා

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (01 දා) පැවති ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලිය අමතමිනි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මැයි දින රැලිය පැවති අතර එහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි විය.