එජාප, පොහොට්ටු කම්කරු කොංග්‍රස් ජන රැලි තුනේ එකතුව අනෙක් සියලු මැයි රැලි අභිබවා යයි

කම්කරු දිනය නිමිති කොටගෙන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ කොළඹදී පැවැත්වූ මැයි රැලිවලට එකිනෙකට නොදෙවැනි ජනකායක් සහභාගි වී සිටි බව පැහැදිලි විය. ඒ අතුරින් තනි පුද්ගලයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කොට විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගි වීම විශේෂත්වයකි.