ශ්‍රී ලංකාව 3-2කින් ‘ඒ’ එක්දින තරගාවලි‍ය ජය ගනී

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමඟ පැවති අවසන් නිලනොවන එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම ඊයේ සමත් විය.

කෙසේ වෙතත් තරගාවලියේ මුල් තරග 3 ජය ගනිමින් තරගාවලි ජය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර, ඇෆ්ගන් පිල අවසන් තරග දෙක ජය ගනිමින් 3-2ක් ලෙස තරගාවලිය නිමා කළේය.