කල්මඩු රක්ෂිත වනය වැනසූ දැව ජාවාරම්මු පොලිස් දැලේ

කිළිනොච්චියේ කල්මඩු රක්ෂිත වනය විනාශ කරමින් අනවසර දැව ජාවාරමක නිරත වූ පුද්ගලයන් පස් දෙනකු කිළිනොච්චිය රාමනාතපුරම් පොලිසිය විසින් පෙරේදා (6) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සමඟ දැව පටවන ලද ට්‍රැක්ටර් දෙකක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර, දැව කැපීම සඳහා භාවිත කළ උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.