මියන්මාරයේ -රුසියාවේ සිරවී සිටින ලාංකිකයින් බේරාගන්න කණ්ඩායමක් පිටත්ව යති

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ   සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ – තරුණියන් 49 දෙනා  සහ රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ  සිටින  ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද(27) දින 10 ක සංචාරයකට කටුනායක ගුවන් තොටුපොළෙන්  තායිලන්තය බලා පිටත්ව ගියහ.

මෙම  රාජතාන්ත්‍රික මෙහෙයුම සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා  මෙම පිරිස පිටත්ව ගියහ.