නිල්ධජ තීර 28 කට අවධානය යොමු වේ.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් නිල්ධජ වෙරළ තීර 28 ක් බවට පත් කිරීමට අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අැමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීරයන්හි නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වෙරළ තීරයන් සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මත තෝරාගෙන ඇත.