ගෑස් මිල බසී

ලිට්‍රෝ ගෑස් මිල අද (05දා) සිට අඩු කර තිබේ.

 කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3790කි. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1525කි.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 712කි.

මේ අතර කිලෝග්‍රෑම් 12.5 ලාෆ් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද සිට රුපියල් 160කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල වනුයේ රුපියල් 3680කි.