ජූලි 01 සිට විදුලි බිල අඩු වෙන හැටි ඇමැති කංචන පහදයි

ජූලි මස 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය.

අද (07) හෝ සඳුදා දිනයේ දී ගෘහස්ථ කාණ්ඩයේ පාරිභෝගිකයින්ට මෙන්ම ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.