බැතිමතුන් කතරගම ඇසළ මංගල්‍යයට පාද වන්දනාවේ…

කතරගම දේවාලයේ ලබන මස 06වැනි දින පැවැත්වෙන ඇසළ මංගල්‍යයට එක් වන උතුරු නැඟෙනහිර සිට පාද වන්දනාවෙන් පැමිණෙන බැතිමතුන් සිය වන්දනා ගමන මේ වන විට ආරම්භ කර තිබේ.

වන්දනාකරුවන් සඳහා කුමන සහ යාල වන උද්‍යාන ඔස්සේ පැමිණීමට පිවිසුම් මාර්ග වන ජීවී දෙපාර්තමේන්තුවෙන් ලබන 30 වැනි දින උදෑසන විවෘත කිරීමට නියමිතය.

පාද වන්දනාවේ එන ප්‍රථම කණ්ඩායමට 7000කට ආසන්න පිරිසක් එක්ව සිටිති.

 ඔවුන් ඔකඳ දේවාලයට පැමිණ දින කිහිපයක් එහි ගත කර විශේෂ පුජාවකින් අනතුරුව කුමන ජාතික වන උද්‍යානයට පැමිණීම ආරම්භ කර සිය වන්දනාවේ දුෂ්කරම මාර්ගය තරණය කිරීම ආරම්භ කරනු ඇත.