අද සිට  තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය ඇරඹේ

අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා  තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සතිය ක්‍රියා­ත්මක වේ.

ඒ සඳහා කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අම­ර­වීර මහ­තාගේ උප­දේ­ශ­ක­ත්වය මත  එම අමා­ත්‍යාං­ශය විසින් මෙරට තරුණ ප්‍රජාව කෘෂි­කර්ම හා  වැවිලි කර්මා­න්ත­යට ආක­ර්ෂ­ණය කර­ගැ­නීමේ අර­මු­ණින් තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ වී ඇත .

2023දී නියමු ව්‍යාපෘ­ති­යක් වශ­යෙන් ගම්මාන 11ක් තෝරා­ගෙන මේ වැඩ­පි­ළි­වෙළ ආරම්භ විය.

එම ගම්මා­න­වල ක්‍රියා­ත්මක කළ සියලු ව්‍යාපෘති සාර්ථ­කවී තිබේ.

අද (01) සිට මේ මස 07 වැනි දින දක්වා තරුණ කෘෂි ව්‍යව­සා­ය­කත්ව ගම්මාන පිහි­ටු­වීමේ සති­යක් ප්‍රකා­ශ­යට පත් කිරී­මට කට­යුතු යොදන ලෙස ඇමැ­ති­ව­රයා උප­දෙස් දී තිබේ.