ඩිජිටල් ආර්ථික ක්ෂේත්රයට සිංගප්පූරුවෙන් සවියක්
පසුගිය 25 වැනිදා සිට 27 වැනිදා දක්වා මෙරට ඩිජිටල් තාක්ෂණ හා ආයෝජන ක්ෂේත්රයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් තාක්ෂණ අමාත්‍යාංශයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන DigiEcon Global Investment සමුළුව පැවැත්වෙයි.
ඊට එක්වන “සිංගප්පූරු මූල්‍ය අධිකාරියේ (MAS) මූල්‍ය තාක්ෂණ අංශ (FINTECH) ප්‍රධානී සොප්නෙන්දු මොහන්දි මහතා ප්රමුඛ නියෝජිත පිරිස සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා අතර හමුවක් පසුගියදා (21) පැවැත්විණි.
මේ සංචාරයේ ඇති වැදගත්කම අවධාරණය කරමින් අදහස් දැක්වූ මහකොමසාරිස්වරයා ‘‘DigiEcon Global Investment -2024 සමුළුවත් සමඟ ක්ෂේත්රයේ නව අවස්ථා සොයා යෑමත් තාක්ෂණ ප්‍රගතියත් උදෙසා වන ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම දිග හැරෙන බවත්, අදාළ සෑම ක්ෂේත්රයක්ම නියෝජනය වන පරිදි සාධාරණීයව ශ්‍රී ලංකාව මේ වෙනුවෙන් කැපවනු ඇති බවත්“පැවසීය.