‘‘රට වෙනු­වෙන් පුද්ග­ල­වා­දය සහ පක්ෂ­වා­දය පසෙක තබා   එක් වී ඉදි­රි­යට යමු ‘‘යැයි‘එක්ව ජය ගමු – අපි මාතර’ ජන­හ­මුව අම­ත­මින් ජන­පති පවසයි

විදු­ලි­බල සහ බල­ශක්ති අමාත්‍ය කංචන විජේ­සේ­කර මහතා විසින් සංවි­ධා­නය කර තිබූ ‘එක්ව ජය ගමු – අපි මාතර’ ජන හමු­වට පක්ෂ භේද­ය­කින් තොරව මාතර දිස්ත්‍රි­ක්කයේ ජන­තාව අති­වි­ශාල පිරි­සක් එක්විය.

ජන හමුව ඇමතූ ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා

“මට භාර දුන් ටයි­ටැ­නික් නැව මා දැන් වරා­යට ගෙනැ­විත් තිබෙ­නවා. අයිස් කන්දට බිය වී හිටපු කපි­තා­න්ව­රුන් සියලු දෙනා පැන ගියා. නැව ගිලිලා අප නැති වෙන­වාද, නැති නම් අප වරා­යට ගමන් කර­න­වාද කියා තීර­ණය කිරී­මට සිදු වුණා. දැන් අප වරා­යට පැමිණ තිබෙ­නවා. අප දැන් මේ නැවට මොකද කරන්නේ? අප නැව ඉදිරි වසර 50ට 100ට සරි­ලන ලෙස අලු­තින් සකස් කර­න­වාද, නැත්නම් මෙහෙම තිබෙන නැව පැනලා ගිය කපි­තා­න්ව­ර­ය­කුට භාර දෙන­වාද කියා තීර­ණය කළ යුතු“ බවත් වැඩිදුරටත් සඳහන් කරන ලදි.