ලංකාව විශේෂිත පොලිස් ඒකක වලට එනවා- ටිරාන් කියයි

2024 එක්සත් ජාතීන්ගේ පොලිස් ප්‍රධා­නීන්ගේ සමු­ළු­වේ­ දි  ඉහළ යමින් තිබෙන ආර­ක්ෂක තර්ජ­න­ව­ලට එරෙ­හිව සටන් කිරීම වෙනු­වෙන් විශේ­ෂිත පොලිස් ඒක­ක­ව­ලට දායක වීම සඳහා  ශ්‍රී ලංකාව කැමැ­ත්තෙන් සිටින බව මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අව­ධා­ර­ණය කරයි.

සමු­ළු­වට එක් වූ ඇමැ­ති­ව­රයා  එහිදී, ප්‍රචණ්ඩ ගැටුම් වැඩි­වීම, ගැටුම් කලා­ප­වල සිටින සිවිල් වැසි­යන්ගේ දුක්ඛිත තත්ත්වය, සයි­බර් අප­රාධ සහ ආයුධ සන්නද්ධ තාක්ෂ­ණය වැනි සාම්ප්‍ර­දා­යික නොවන තර්ජන මතු­වීම ඇතුළු ගෝලීය ආර­ක්ෂක අභි­යෝ­ග­වල සංකී­ර්ණ­ත්වය පිළි­බ­ඳව අව­ධා­ර­ණය කර තිබේ.