මූල්‍ය පනතට අනුකූල නොවන මූල්‍ය ආයතනවලට ලක්ෂ 30 ක් දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලයේ දී මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල අය කර ගත් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ මූල්‍ය පනතට අනුකූල නොවනසේ ක්‍රියා කරන මූල්‍ය ආයතනවලින් එම දඩ මුදල් අය කර ගත් බව ය.